සත්‍ය අවබෝධය

මෙම ලිපිය කියවන මා කවරෙක්ද? මාගේ ආරම්භය කුමක්ද? මාගේ මරණයෙන් පසු මට සිදු වන්නේ කුමක්ද? මාගේ දිවියේ අරමුණ කුමක්ද? මා ජීවත් වන මෙම විශ්වය බිහිවූයේ කෙසේද? යනාදී වැදගත් ප්‍රශ්න දෙස විචාරශීලී මනසකින් යුත් ඔබ අවාධානය යොමු කර ඇති බවට කිසිඳු සැකයක් නොමැත. කෙසේනමුත් ඇතැමුන් නොයෙකුත් ලෞකික මායාවන් වලට වශී වී සිටින බැවින් මෙම ප්‍රශ්න දෙස අවධානය යොමු කරන්නේ නැත. එනිසාම තම දිවියේ යතාර්ථය කුමක්ද යන්න ඔවුන් තුළ පැහැදිලි අවබෝධයක් නොමැතිව මෙලොව අතරමං වී සිටිති. බුද්ධිමත් පුද්ගලයා තමා මෙලොව ගත කරන්නේ තාවකාලික ජීවිතයක් බව වටහා ගෙන තම දිවියේ අරමුණ කුමක්ද යන්න සොයා බලයි. මෙවන් බුද්ධිමත් පුද්ගලයින් අතුරුඉන් ඔබත් එක් අයෙකි.

ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන විචාරශීලී මිනිස් බුද්ධියට වැටෙහන පැහැදිලි කරුණක් වනුයේ මෙම විශ්වය, මිනිසා හා අනෙකුත් සියලු දේවල් ඉබේ බිහිවිය නොහැකි බවය. ඉතා සංකීර්ණතාවයකින් යුත් විශ්වය, ජීව ලෝකය ගැන සැලකීමේදී මේ සියලු දේ පිටුපස යම් ඉහළ බුද්ධියක් සිටිය යුතු බව මිනිස් චින්තනයට අවබෝධ වේ. එනම් මේ සියලු දේ යම් ඉහළ බුද්ධියක් විසින් නිර්මාණය කළ දේවල් බව අවබෝධ වනු නිසැකය. එනිසා මිනිසාගේ නිර්මාණය ගැන නිසි ආකාරව දන්නේ මේ ඉහළ බුද්ධිය වන අතර මිනිසාගේ දිවියේ අරමුණ ඇතුළු අනෙකුත් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුත්තේද මම ඉහළ බුද්ධිය විසින්මය.

මෙම ඉහළ බුද්ධිය මිනිසා නිර්මාණය කළ මිනිසාගේ ස්වාමියා තමා බවත් නැමදීමට සුදුසු ඒකීය දෙවිඳුන් තමා පමණක් බවත් මිනිසාට කියා දී ඇති අතර මේ සඳහා විවිධ කාල වලදී විවිධ ජනසමාජයන් වෙත ඔවුන් අතුරින්ම කෙනෙකු දේව පණිවුඩකරුවෙකු ලෙස තෝරාපත් කර ඔහු හරහා මෙම කරුණු මිනිසාට කියා දී තිබේ. මෙලෙස අවසාන වශයෙන් තෝරා පත් කරගත් දේව පණිවුඩකරුවා මුහම්මද් (සල්) තුමාණන් වන අතර ඔහුට ලබා දී තිබෙන දේව අනාවරණය අල් කුර්ආනයයි. කුර්ආනය දෙවිඳුන්ගෙන් ලද ග්‍රන්ථයක් බවට පැහැදිලි සාක්ෂි ඇත. එනිසා අල් කුර්ආනය තුළින් මිනිස් දිවියේ සැබෑ අරමුණ අවබෝධ කර ගත හැකිය. මේ අකාරයෙන් සත්‍ය සොයා ගිය ඔබ මූලික කරුණු දෙකක් දැන් අවබෝධ කරගෙන ඇත. එනම් නැමදීමට සුදුස්සා එකම සත්‍ය දෙවිඳුන් වන අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැති බවත් මුහම්මද් තුමාණෝ අල්ලාහ්ගේ ගැත්තාද අවසාන දේව පණිවුඩකරුවාද වන බවත් ඔබ වටහා ගෙන ඇත. මෙම සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයා සත්‍ය දහම වන ඉස්ලාම් දහම තුළට පිවිසෙන අතර ඉස්ලාමය වැළඳගත් මුස්ලිම්වරයෙකු බවට පත් වේ.

සත්‍ය සොයා ගිය ඔබ අවසානයේ තම ප්‍රශ්න වලට පිළිතුරු සපයන සත්‍ය ධර්මය කුමක්ද යන්න සොයා ගෙන ඇත.

Comments are closed