ඉස්ලාමය පිලිබඳ හැඳින්වීම

ඉස්ලාම් යනු මෙම විශ්වය හා මිනිසා නිර්මාණය කල අල්ලාහ් විසින් මිනිස් ජීවිතයේ අරමුණ, මෙලොව හා මරණින් පසු ජීවිතයේ ජය ලබා ගන්නා මාර්ගය මිනිසාට කියා දීම සඳහා මිනිසාට කියා දුන් දහමයි. මුල් මිනිසා වන ආදම් (ශාන්තිය ඔහුට හිමි වේවා) තුමා සිට මුහම්මද් ﷺ (ශාන්තිය ඔහුට හිමි වේවා) තුමා දක්වා විවිධ පණිවුඩකරුවන් එවමින් අල්ලාහ් මෙම ධර්මය මිනිසාට කියා දී තිබෙනවා. මෙම ඉස්ලාම් දහම පිළිපදින්නා මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වනු ලබනවා.

මුහම්මද් ﷺ යනු අල්ලාහ් විසින් තෝරාපත් කළ ලද අවසාන දේව පණිවුඩකරුවායි. මොහුට පිරිනැමුණු දේව පණිවුඩය වන්නේ අල් කුර්ආනයයි. මීට අමතරව අල් කුර්ආනය පහදා දීම සඳහා වූ ඥානයත් අල්ලාහ් මුහම්මද් ﷺ තුමාට ලබා දි තිබෙනවා. එනම් අල්ලාහ් වසින් පිරිනැමූ පණිවුඩ අල් කුර්ආනයේද මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම්වලද අපට දැක ගන්න පුළුවන්.

මුස්ලිම්වරයෙකු වශයෙන් අප පිළිගෙන විශ්වාස කල යුතු මූලික කරුණු 6ක් තිබෙනවා. එනම්

  1. අල්ලාහ්
  2. මලාඉකාවරුන් (සුර දූතයින්)
  3. අල්ලාහ් විසින් පහළ කළ දේව ග්‍රන්ථ
  4. අල්ලාහ් එවූ දේව පණිවුඩකරුවන් (නබිවරුන්/රසූල්වරුන්)
  5. විනිශ්චය දිනය
  6. හොඳ නරක යන සෑම දෙයක්ම අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදු වීම

ඒ වගේම මුස්ලිම් වරයෙකු සතු අනිවාර්ය වගකීම් 5ක්ද තිබෙනවා. එනම්

  1. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැති බවත් මුහම්මද් ﷺ තුමා අල්ලාහ්ගේ ගැත්තා මෙන්ම පණිවුඩකරුවා වන බවත් සාක්ෂිම දැරීම හා ඒ අනුව කටයුතු කිරීම
  2. අල්ලාහ්ට නැමදුම් කිරීම
  3. උපවාසය රැකීම
  4. දන් දීම
  5. හජ් වන්දනාව ඉෂ්ට කිරීම

මේ ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ ඉහත කරුණු පිළිබඳව සාකච්චා කිරීමටයි.

අපගේ ස්වයං තර්කනය භාවිතා කරමින් මෙම ලොව නිර්මාණය කර පරිපාලනය කරන්නාවූ සර්වබලධාරියෙක් සිටිනබව පැහැදිලිවම වටහාගන්න පුළුවන්. මෙලොව නිර්මාණය කර පරිපාලනය කරන නිර්මාණකරුවෙක් සිටින බව පිළිගැනීමට හා අල් කුර්ආනය අල්ලාහ් විසින් අනාවරණය කල ග්රයන්ථයක් බව පිළිගැනීමට අදාළ සාක්ෂි අරමුණ වෙබ් අඩවිය ඔස්සේ සාකච්චා වෙනවා. කෙසේනමුත් මෙම සර්වබලධාරියා පිළිබඳව පූර්ණ දැනුමක් අපගේ තර්කය පමණක් භාවිතා කරමින් අපට දැන ගන්න බැහැ. එනිසා මෙම සර්වබලධාරියා පිළිබඳව හා අප ඔහුව විශ්වාස කරන ආකාරය අපට නිසි ආකාරව කියා දිය යුත්තේ මෙම සර්වබලධාරියාමයි. ඒ වගේම අප නොදන්නා නොපෙනන දේවල් ගැන මනාව දන්නේද මෙම සර්වබලධාරියාමයි. එනිසා ඒ පිළිබඳව අපට කියා දිය යුත්තේද සර්වබලධාරී අල්ලාහ්මයි.

අල්ලාහ්

මෙම සර්වබලධාරියා පිළිබඳව නිසිආකාරව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ මූලික හරයයි. එනම් ඔහු පිළිබඳව අප විශ්වාස කල යුත්තේ මොනවාද, විශ්වාස කල යුත්තේ කෙසේද යන කරුණු මෙහි සැලකිල්ලට ගැනෙනවා. මෙම සර්වබලධාරියා තමාගේ වචන වලින්ම තමා ගැන මෙසේ පවසනවා:

පවසන්න! ඔහු අල්ලාහ් එකීයය. අල්ලාහ් පරිපූර්ණය. කිසිවෙකු ඔහු ප්රනසූත කළේ නැත. තවද ඔහු කිසිවෙකු විසින් ප්ර සූත කරනු ලැබුවේද නැත. ඔහුට සමාන කිසිවෙකු නැත. [අල් කුරානය 112:1-4]

මෙම වැකිය ඉස්ලාම් ධර්මයේ දේව සංකල්පය මනාව පැහැදිලි කරනවා. මෙම වැකි තුලින් ඉදිරිපත් වන ප්රේධාන පණිවුඩය නම් අල්ලාහ්ගේ ඒකීයභාවය පිළිගැනීම හා ඔහුට ආදේශ නොතැබීමයි. අල්ලාහ්ට යමෙක් හෝ යමක් ආදේශ නොකළ යුත්තේ ඔහු හා සමාන කිසිවෙක් හෝ කිසිවක් නොමැති නිසායි. “අල්ලාහ්ගේ ඒකීයභාවය” යැයි සඳහන් කිරීමේදී සරලව හැඟෙන්නේ ඔහු එක්කෙනෙක් බවත් දෙදෙනෙක් නොවන බවත්ය. කෙසේනමුත් “අල්ලාහ්ගේ ඒකීයභාවය” යන සංකල්පයට මීට වඩා ගමුරු අදහසක් තිබෙනවා. අදහස ගැඹුරු නමුත් එය තේරුම් ගැනීමට අපහසු නැහැ.

“අල්ලාහ්ගේ ඒකීයභාවය” යන්න වර්ග තුනකට බෙදිය හැකියි. මෙම බෙදීම අල්ලාහ්ට කිසිවෙක් හෝ කිසිවක් ආදේශ නොකර ඔහු පිළිබඳව නිසි ලෙස විශ්වාස කිරීමට උපකාර වෙනවා.

  1. යමක් නිර්මාණය කිරීමේ ශක්තියේ අල්ලාහ්ගේ ඒකීයභාවය
  2. වැඳුම් පිදුම් හිමි විය යුත්තේ අල්ලාහ්ට පමණක් වීම
  3. අල්ලාහ්ගේ ගුණාංගයන්ගේ හා නාමයන්ගේ ඇති ඒකීයභාවය

1. යමක් නිර්මාණය කිරීමේ ශක්තියේ අල්ලාහ්ගේ ඒකීයභාවය

නිර්මාණය කිරීමේහි ලා අල්ලහ්මෙන් අන් කිසිවකට හෝ කිසිවෙකුට බලයක් නොමැත. මේ පිළිබඳව අල්ලාහ් මෙසේ අපට කියා දෙනවා. එනිසා මෙම බල පරාක්ර මය අන් කිසිවෙකුට හෝ කිසිවකට තිබෙනවා යැයි අප නොපවසිය යුතුයි. එසේ කිරීම අල්ලාහ්ට ආදේශ කිරීමක් වෙනවා. මුහම්මද් ﷺ තුමාගේ කාලයේ ජීවත් වූ ඉස්ලාමය ප්රුතික්ෂේප කරන්නන් තුල පවා මෙය පිළිගත්තා.

2. වැඳුම් පිදුම් හිමි විය යුත්තේ අල්ලාහ්ට පමණක් වීම

නැමදීමට සුදුස්සා වන්නේ අල්ලාහ් පමණි. එනම් අපගේ නැමදීම සිදු විය යුත්තේ අල්ලාහ්ට පමණි. අප වෙන කෙනෙකුට හෝ වෙන කිසිවෙකුට නමදුම් කරනවා නම් අපි අල්ලාහ්ට ආදේශ කිරීමක් වෙනවා. මුහම්මද් ﷺ තුමාගේ කාලයේ සිටි ඉස්ලාමය ප්රවතික්ෂේප කල අය මෙය පිළිගත්තේ නැහැ. ඔවුන් අල්ලාහ් වෙනුවට තමන් නිර්මාණය කල දෙවිවරුන්ට වන්දනා කළා. නමුත් අපගේ වන්දනාව හිමි විය යුත්තේ අල්ලාහ්ට පමණයි. ඇතැම් අය ආරක්ෂාව සඳහා විවිධ නූල් අතේ බැඳ ගන්නවා. ඇතැම් අය ආරක්ෂාව සඳහා බෝතල් කුප්පි ගෙවල් වල එල්ලා ගන්නවා. මේ සියල්ල අල්ලාහ්ට ආදේශ තැබීමක්. අපව ආරක්ෂා කළ හැක්කේ අල්ලාහ්ට පමණයි. මතුරපු නූල්වලට හෝ බෝතල් කුප්පි වලට අපිව ආරක්ෂා කරන්න බැහැ. මේ වගේම ඇතැම් පුද්ගලයින් මැරුණු සොහොන් වලට ගොස් මැරුණු උදවියගෙන් පිහිට පතනවා. මෙයත් අල්ලාහ්ට ආදේශ තැබීමක්. ඇතැමුන් සාස්තරකරුවන් වෙත ගොත් අනාගතයේ සිදු වෙන දේවල් ගැන දැන ගන්න හදනවා. අනාගතය ගැන දන්නේ අල්ලාහ් පමණයි. එනිසා සාස්තර බැලීමත් එක්තරා විදිහක අල්ලාහ්ට ආදේශ තැබීමක්.

3. අල්ලාහ්ගේ ගුණාංගයන්ගේ හා නාමයන්ගේ ඇති ඒකීයභාවය

අල්ලාහ් සතු සුවිශේෂ ගුණාංග තිබෙනවා. මෙම ගුණාංග වෙන කිසිවෙකුට හෝ කිසිවකට නැහැ. එසේ තිබෙනවා යැයි පැවසීමත් අල්ලාහ්ට ආදේශ තැබීමක් වෙනවා. මේ වගේම අල්ලාහ්ටම සුවිශේෂ වූ නාමයන් තිබෙනවා. අල්ලාහ්ගේ මෙම නාමයන් හා ගුණාංග එහි අර්ථය වෙනස් නොකර මුස්ලිම්වරයෙකු පිළිගත යුතුයි. අල්ලාහ්ගේ ගුණාංග ගැන හොඳින්ම දන්නේ අල්ලාහ් පමණි. එනිසා ඔහු පිලිබඳ ඔහු ඍජුවම කුර්ආනය හරහා පවසන දේ හා ඔහුගේ දූතයා වන මුහම්මද් ﷺ හරහා පවසන දේ පමණක් මුස්ලිම්වරයෙකු පිළිගත යුතුයි. ඒ හැරෙන්න අපට කිසිවක් අල්ලාහ් ගැන දැන ගන්න බැහැ.

කෙටියෙන් පවසනවා නම් අල්ලාහ් එක්කෙනෙකු බවත්, නැමදීමට සුදුස්සා ඔහු පමණක් බවත් අල්ලාහ්ට කිසිම ආදේශයක් නොකළ යුතු බවත් මුස්ලිම්වරයෙකු පිළිගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි.

මලාඉකාවරුන් (සුර දූතයින්)

මුස්ලිම්වරයකු ලෙස ඉන්පසු විශ්වාස කල යුත්තේ අල්ලාහ්ගේ නිර්මාණයක් වන මලාඉකාවරුන් (සුර දූතයින්) පිළිබඳවයි. අපගේ විචාර බුද්ධිය තුලින් මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙක් සිටින බවත් අල් කුර්ආනය මෙම නිර්මානකරුගෙන් මිනිසාට ලැබුණු පණිවුඩයක් බවත් අපට වටහා ගන්න පුළුවන්. මෙය තහවුරු කල පසු අල් කුර්ආනයේ ඇති දේවල් අපට විශ්වාස කරන්න පුළුවන්. හේතුව අල් කුර්ආනය සියල්ල දන්නා අල්ලහ්ගෙන් ලැබී තිබීමයි. මලාඉකවරුන් පිළිබඳව අපි විශ්වාසකරන්නේ ඔවුන් පිළිබඳව අල් කුරානයේ සඳහන්ව ඇති නිසයි. මෙම මලාඉකාවරුන්ගෙන් සමහර මලාඉකාවරුන් සුවිශේෂයි. ඔවුන්ට නියමවූ විවධ කාර්යයන්ද තිබෙනවා.

අල්ලාහ් පහළ කල ධර්ම ග්‍රන්ථ

මෙම ජීවිතයේ අරමුණ කියා දීම සඳහා මුහම්මද් තුමාට පහළ වූ පුස්තකය අල් කුරානයයි. කෙසේ නමුත් අල් කුරානය මුහම්මද් තුමාට පහළ වීමට පෙර විවිධ ජන සමාජ වෙත විවිධ දේව පණිවුඩකරුවන් හරහා අල්ලාහ් විවිධ ධර්මග්රදන්ථ පහළ කර තිබෙනවා. මෙම ධර්ම ග්රුන්ථ අතුරින් ධර්මග්රලන්ථ හතරක නම් කුරානයේ සඳහන් වෙනවා.

සමහර අය හිතන්නේ ඉස්ලාම් යනු අවුරුදු 1400කට පමණ පෙර මුහම්මද් (ශාන්තිය ඔහුට හිමි වේවා) තුමා හඳුන්වා දුන් ධර්මයක් ලෙසයි. නමුත් ඇත්තවශයෙන්ම අල්ලාහ්

දැන්, කිතුනුවන් සතුව අද තිබෙන නව ගිවිසුම හා යුදෙව්වන් සතුව අද තිබෙන පරණ ගිවිසුම යනු දෙවිගෙන් ලැබුණු ධර්ම ග්ර්න්ථ යැයි කෙනෙක් සිතන්න පුළුවන්. පරණ ගිවිසුම හා නව ගිවිසුම යනු දෙවිගෙන් ලැබුණු ධර්ම ග්රරන්ථ නොවේ. කෙසේනමුත් එහි දෙවිගෙන් ලැබුණු ධර්ම ග්රවන්ථ වල තිබු ඉගැන්වීම් තිබෙන බව අපට වටහා ගන්න පුළුවන්. අල් කුර්ආනය අපට කියා දෙන්නේ අද තිබෙන බයිබලය හෝ දේව ග්ර්න්ථ යැයි අද මිනිසුන් පවසන ග්රථන්ථ සැබෑ දේව ග්රනන්ථ ලෙස විශ්වාස කරන මෙන් නොවේ. අල් කුර්ආනය පවසන්නේ අතීතයේ දේව පණිවුඩකරුවන්ට පහළ කළ දේව ග්ර්න්ථ විශ්වාස කරන ලෙසටයි.

දේව පණිවුඩකරුවන් (නබිවරුන්/රසූල්වරුන්)

දෙවි විසින් මිනිස් සමාජයට එවූ සියලු දේව පණිවුඩකරුවන් සත්ය් දේව පණිවුඩ කරුවන් වශයෙන් මුස්ලිම්වරුන් පිළිගත යුතුයි. මෙම දේව පණිවුඩකරුවන් අතර කිසිම වෙනස්කමක් මුස්ලිම්වරයෙක් තුල තිබිය නොයුතුයි. සෑම දේව පණිවුඩකරුවෙක්ම දේශනා කළේ එකම ධර්මයයි. මෙවන් දේව පණිවුඩකරුවන් රාශියක් දෙවි කාලයෙන් කාලයට විවිධ ප්රපදේශයන් වලට යවා තිබෙනවා. ඇතැම් විට එක ජන සමාජයකට දේව පණිවුඩකරුවන් කිහිපදෙනෙක් පවා දෙවි යවා තිබෙනවා. මෙම දේව පණිවුඩකරුවන් අතුරින් 25 දෙනෙකුගේ නම් අල් කුරානයේ සඳහන් වෙනවා. මුහම්මද් ﷺ යනු දෙවි මෙලොවේ තොරා පත් කල අවසාන දේව පණිවුඩකරුවායි.

විනිශ්චය දිනය

මෙම ලෝකයේ කළ ක්‍රියාවන් විනිශ්චයට ලක් කරනු ලබන දිනයක් ගැන අල්ලාහ් මෙන්ම මුහම්මද් ﷺ තුමාණෝ අපට කියා දි තිබෙනවා. මෙම විනිශ්චය දිනයේ අධිපති වන්නේ අල්ලහ්ය. මැරුණු මිනිසුන් මෙම දිනියේදී නැවත අල්ලාහ් විසින් නැගිටවනු ලබනවා. පසුව සියල්ලන්වම විනිශ්චයට ලක් කරුණු ලබනවා. අප මෙලොවදී සූදානම් විය යුත්තේ මෙම විනිශ්චය දිනයට මුහුණ දීමටයි. මෙවන් දිනයක් නොමැතිනම් මෙලොවදී ඕනෑම වැරදි ක්රි යාවක් මිනිසෙකුට කරන්න පුළුවන්. නමුත් විනිශ්චය දිනයට බිය වන මුස්ලිම්වරුන් මෙලොව ජීවිතය දෙවිගේ අණට අනුව හැඩ ගස්සා ගැනීමට උපරිම වශයෙන් උත්සහ දරනවා.

හොඳ, නරක යන සෑම දෙයක්ම සිදු වන්නේ අල්ලාහ්ගේ අභිමතයට අනුවයි

තවත් වැදගත් දෙයක් අල්ලාහ් හා ඔහුගේ දූතයා වන මුහම්මද් ﷺ තුමාණෝ අපට කියා දෙනවා. එනම් මෙලොව සිදුවන හොඳ නරක යන සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි බව අල්ලාහ්ගේ හා මුහම්මද් ﷺ තුමාගේ වචන වලින් අපට දැන ගන්න පුළුවන්. කෙසේනමුත් “අල්ලාහ් අභිමත වී ඇත” යැයි පවසමින් වැරදි දේවල් කළ නොහැකි බව අල්ලාහ් මෙන්ම ඔහුගේ දූතයා වන මුහම්මද් ﷺ තුමාණෝ අපට කියා දෙනවා. මෙයට හේතුව හොඳ නරක යන දෙකෙන් තමන් කැමති දෙයක් තෝරාගැනීමේ හැකියාව අල්ලාහ් මිනිසාට ලබා දි තිබීමයි. මිනිස් මනසේ සීමාවන් නිසා මෙය මිනිසාට තේරුම් ගැනීමට අපහසුයි. නමුත් මේ පිළිබඳව අපට කියා දෙන්නේ නිශ්චිත වශයෙන්ම සත්ය යක් වන සියල්ල දන්නා අල්ලාහ් විසින් හා නිශ්චිත වශයෙන්ම අල්ලාහ්ගේ පණිවුඩකරුවෙකු වන මුහම්මද් ﷺ තුමා විසිනුයි. එනිසා මේ පිළිබඳව අපි විශ්වාස කිරීම ප්රපමාණවත්. සියල්ල අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදුවනවා යන විශ්වාසය තුලින් මිනිසාට සිදුවන්නේ වාසියක්.

පොළොවෙහි හෝ නුඹලා අතරෙහි හෝ කවර විපතක් සිදු වුවද, අප එය සිදු කිරීමට පෙර සටහන් ලේඛනයෙහි (සටහන් වී) නැතිව නොවේ. නියතව මෙය අල්ලාහ්ට වඩාත් පහසු දෙයක් වේ. නුඹලාට නොලැබී යාම හේතුවෙන් ඒවා ගැන දුක් නොවී සිටීම පිණිසද, නුඹලා ඔහු ලබා දුන් දේ හේතුවෙන් උඩඟුකම පෙන්වා නොසිටීම පිණිසද (මෙලෙස අල්ලාහ් ඇති කළේය). අල්ලාහ් උඩඟුකම හා අහංකාරකම පෙන්වූ කරරෙකුට වුවද ප්රිිය නොකරන්නේය. [අල් කුර්ආනය 57:22,23]

එනම් යම් දෙයක් සිද්ධ වී අවසානයි නම් එය සිදුවුයේ අල්ලාහ්ගේ අභිමතය පරිදි බව මුස්ලිම්වරයෙක් විශ්වාස කරනවා. මෙහිදී මුස්ලිම්වරයාට විපතක් සිදු වුණා නම් එය අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදු වූ බව සිහියට ගෙන ඔහු ඉවසිලිවන්ත වෙනවා. ඒ වගේම ඔහුට යහපතක් සිදු වුණා නම් එයද අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදු වූ බව සිහියට ගනිමින් අල්ලාහ්ට ප්රලසංශා කරනවා. උදාහරණයක් ලෙස මුස්ලිම්වරයෙකුට හොඳ රැකියාවක් හිමි වුණා යැයි සිතමු. එවිට ඔහු ආඩම්බර වන්නේ නැහැ, උඩඟු වන්නේ නැහැ. එයට හේතුව මෙම දායාදය මුස්ලිම්වරයාට හිමි වූයේ අල්ලාහ්ගේ අභිමතය නිසා බව මුස්ලිම්වරයා විශ්වාස කිරීමයි.

මුස්ලිම්වරයෙකු සතු අනිවාර්ය වගකීම් 5 ගැන කෙටි විස්තරයක් පහත සඳහන් වෙනවා.

1.නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැති බවත් මුහම්මද් ﷺ තුමා අල්ලාහ්ගේ ගැත්තා මෙන්ම පණිවුඩකරුවා වන බවත් සාක්ෂිි දැරීම හා ඒ අනුව කටයුතු කිරීම

අල්ලහ්ව නිසි අයුරින් විශ්වාස කිරීම හා නිසි අයුරින් වන්දනා කිරීම මුස්ලිම්වරයෙකු සතු වගකීමයි. ඒ වගේම මුහම්මද් ﷺ තුමා දේව පණිවුඩකරුවෙකු බව නිසි අයුරින් විශ්වාස කිරීමත් ඔහුගේ ඉගැන්වීම් පිළිපැදීමත් මුස්ලිම්වරයෙකු සතු වගකීමක්.

2.අල්ලාහ්ට නැමදුම් කිරීම

අල්ලාහ්ට නමස්කාර කිරීම අල්ලාහ්ට වන්දනා කිරීමේ ක්‍රම වලින් විශේෂ ස්ථානයක් හිමි කරගන්නවා. මෙම නමස්කාරය තුලින් ඵල ප්රමයෝජන ලබා ගන්නේ අපිමයි. මෙම නමස්කාරය තුලින් මෙලොව මෙන්ම පරලොව යහපත අපට හිමි කරගන්න පුළුවන්. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැති බවත් මුහම්මද් ﷺ තුමා අල්ලාහ්ගේ ගැත්තා මෙන්ම පණිවුඩකරුවා වන බවත් සාක්ෂි දැරූ පසු අල්ලාහ්ට නමස්කාර කිරීම මුස්ලිම්වරයෙකු සතු අනිවාර්ය වගකීමක් වෙනවා.

මුස්ලිම්වරයකු අනිවාර්යයෙන් දවසකට පස් වතාවක් ඉස්ලාම් නියම කර ඇති වේලාවන් වලදී අල්ලාහ්ට නමස්කාර (සලාත්) කළ යුතුයි. මීට අමතරව මුස්ලිම්වරයෙකුට ඉටු කල හැකි අනිවාර්ය නොවන නමස්කාරයන්ද තිබෙනවා.

3.උපවාසය රැකීම

මුස්ලිම්වරයෙකුගේ දේව භක්තිය ඉහල නංවාගැනීම පිණිස ඇති තවත් වන්දනා ක්රකමයක් වනුයේ උපවාස ශීලය රැකීමයි. අවුරුද්දේ රාමලාන් මාසයේ මුස්ලිම්වරයෙකු අනිවාර්යයෙන්ම උපවාස ශීලය රැකිය යුතුයි. මෙම මාසයේදී පවා උපවාසය අනිවාර්ය නොවන පිරිස් සිටිනවා. මොවුන්ට ඉස්ලාම් දහම සහනයක් ලබා දි තිබෙඅනවා. රාමලාන් මාසයේ රැකියා යුතු උපවාසයට අමතවර අනිවාර්ය නොවන උපවාස අවුරුද්ද පුරාවටම විවිධ දිනයන්වල තිබෙනවා. මේ බව මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වලින් අපට දැන ගන්න පුළුවන්.

4.දන් දීම

මුස්ලිම්වරුන් අතුරින් ධනවතුන් දුප්පතුන්ට තම දනයෙන් කොටසක් පිරිනැමීම මීළඟ අනිවාර්ය වගකීමයි. දේව භක්තිය ඉහල නැංවීමට මෙම දන් දීම ප්ර යෝජනවත් වෙනවා.

5.හජ් වන්දනාව ඉෂ්ට කිරීම

දේව පණිවුඩකරුවන් ගැන සැලකීමේදී, ඉබ්රාවහීම් නමැති දේව පණිවුඩකරුවා විසින් අල්ලාහ් වෙනුවෙන් කල කැප කිරීම් බොහොමයි. මෙම කැප කිරීම් සිහිපත් කිරීම පිණිස ඒ ඒ තැන් වලට ගොස් අල්ලාහ් අණ කර ඇති පරිදි කටයුතු කිරීම මුස්ලිම්වරයා සතු අවසාන අනිවාර්ය වගකීමයි. නමුත් මෙම වගකීම අනිවාර්ය වන්නේ මෙම වගකීම ඉෂ්ට කිරීමට ශාරීරිකව හා ආර්ථිකව ශක්තිය ඇති මුස්ලිම්වරුන්ට පමණයි.

Comments are closed