සලාතය ඉටු කරන අකාරය

සලාතය (නැමදුම) ඉටු කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වගකීම් පහෙන් එකකි. මෙතුළින් අපට දෙවිඳුන්ට ලංවිය හැකි අතර චිත්තපාරිශුද්ධියට මඟ පාදයි. මෙම සලාතය සිදු කළ යුත්තේ කෙසේද යන්න පහත විස්තර වී ඇත.

 

සලාතය ඉටු කරන නිවැරදි ක්‍රමවේදය

සලාත වෙනුවෙන් නීයත් තියා (සිතින් සිතා) ක:බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම අල්ලාහු අක්බර් කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා ප‍්‍රකාශ කිරීමයි.) තක්බීර් තහ්රීමා යනුවෙන් කියනු ලැබේ. “ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව වුළු කොට, කිබ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා  කියන්න” යැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663)

අල්ලාහු අක්බර් කියා තක්බීර් තහ්රීමා පවසා දෙඅත් උරහස දක්වා(සාක්‍ෂි : බුහාරී 735, මුස්ලිම් 638) හෝ කන්දෙකේ පහළ කොටස දක්වා(සාක්‍ෂි : මුස්ලිම් 642) ඉස්සිය යුතුවේ. මෙසේ උස්සන විට අත් දෙකේ ඇඟීලි හකුලා නො ගත යුතුයි. ඇඟීලි දික් කර තබාගත යුතු වේ.

සලාතයේ ආරම්භක දුආව (දුආවුල් ඉස්තිෆ්තාහ්)

අත් දෙක පපුව මත තබාගත් පසු පහත සඳහන දුආ වලින් එකක් පාරායනය කළ යුතුයි.

أَللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خََََطََايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اَللَّهُمَّ نَقَِّنِيْ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّّى الْثَّوْبُ الأَْبْيَض مِنَ الدَّنَسِ اَللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّّلْجِ وَالْبَرَدِ

අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබ්. අල්ලාහුම්ම නක්කිනී මිනල් හතායා කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනද් දනස්. අල්ලාහුම් මග්සිල් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්.

අර්ථව : දෙවියනී! නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ විශාල දුරක් ඇති කර ඇති ආකාරයට මා හා මාගේ පාපයන් අතර දුරක් ඇති කරනු මැනව! සුදු වස්ත‍්‍රය කිලිටුවලින් පවිත‍්‍ර කරනු ලබන්නාක් මෙන් මාගේ පාපවලින් මාවත් පවිත‍්‍ර කරනු මැනව! දෙවියනී! ජලයෙන් ද පිණි කැට වලින් ද හිම කැට වලින් ද මාගේ පවි සෝදා හරිනු මැනව!(සාක්‍ෂි : බුහාරී 744)

පහත දුආව ද පාරායනය කළ හැකිය.

وجّهت وجهي للذي فطر السماوات والأرض حنيفا وما أنا من المشركين إنّ صلاتي ونسكي ومحياي ومماتي لله ربّ العالمين لا شريك له وبذلك أمرت وأنا من المسلمين اللهم أنت الملك لا إله إلاّ أنت أنت ربيّ و أنا عبدك ظلمت نفسي واعترفت بذنبي فاغفر لي ذنوبي جميعا إنّه لا يغفر الذّنوب إلاّ أنت واهدني لأحسن الأخلاق لا يهدي لأحسنها إلأّ أنت واصرف عنّي سيّئها لا يصرف عنّي سيّئها إلاّ أنت لبيك و سعديك والخير كلّه في يديك والشّرّ ليس إليك أنا بك وإليك تباركت وتعاليت أستغفرك وأتوب إليك

වජ්ජහ් වජ්හියලිල්ලදී’ ෆතරස් සමාවාති වල්අර්ලි හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී වනුසුකී වමහ්යාය වමමාතී ලිල්ලාහි රබ්බිල් ආලමීන්. ලාෂරීකලහු වබිදා’ලික උමිර්තු වඅන මිනල් මුස්ලිමීන්. අල්ලාහුම්ම අන්තල් මලිකු ලා ඉලාහ ඉල්ලා අන්ත අන්ත රබ්බී වඅන අබ්දුක ලලම්තු නෆ්සී වහ්තරෆ්තු බි ද’න්බී වහ්ෆිර්ලී සු’නූබී ජමීආ. ලා යග්ෆිරුස්’ සුනූබ ඉල්ලා අන්ත, වහ්දිනී ලිඅහ්සනිල් අහ්ලාකි යා යහ්දී ලි අහ්සනිහා ඉල්ලා අන්ත. වස්රිෆ් අන්නී සෛයිඅහා ලා යස්රිෆු අන්නී සෛයිඅහා ඉල්ලා අන්ත. ලබ්බයික ව ස:දෛක වල් හයිරු කුල්ලූහූ ෆී යදෛක වෂ්ෂර්රු ලයිස ඉලෛක අන බික වඉලෛක තබාරක්ත වතආලෛත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛක්.

අර්ථය :-

“සම කරන්නෙකු නොවී, අවනත වූවෙකු ලෙස අහස් හා පොළොවෙහි මැවුම්කරුවානන් වෙත මාගේ මුහුණ හැරෙවු වෙමි. මාගේ සලාතයත්, (අනිකුත්) මාගේ වැඳුම් පිඳුම් මාගේ ජීවිතය හා මාගේ මරණය (යන සියල්ල) සකල ලෝකයම මවා පාලනය කරන්නා වූ අල්ලාහ්ටම හිමිය. ඔහුට සමාන වෙන කිසිවෙක් (හෝ කිසිවක්) නොමැත. මා අණ කරණු ලැබ ඇත්තේ මෙසේය. මම අවනත වන්නන්ගෙන් කෙනෙකු වෙමි. දෙවියනී! පාලකයා ඔබයි. ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නොමැත. ඔබයි මාගේ අධිපති. මම ඔබගේ වහලා වෙමි. මම මටම අපරාධ කර ගත්තෙමි. මම මාගේ වැරදි පිළත්තෙමි. එබැවින් මාගේ සියළු පාප ක්‍ෂමා කරනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් පව් ක්‍ෂමා කළ නොහැකි ය. මා හට යහගුණ වෙත මගපෙන්වනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් යහගුණ වෙත මග පෙන්විය නොහැකි ය. මගෙන් අයහපත් ගතිගුණ ඉවත් කරනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් එය (එම අයහපත් ගතිගුණ) මගෙන් ඉවත් කළ නොහැකිය. මෙන්න! මම පැමිණියෙමි. යහපත් සියල්ල ඔබ අතෙහිය. අයහපත ඔබට හිමි නොවේ. මම ඔබගෙන් උපකාර පතමි. ඔබ වෙත හැරෙන්නෙමි. ඔබ භාග්‍යවන්තයා ය. උත්තම ය ය. ඔබෙන්ම ක්‍ෂමාව අයදිමි. ඔබ වෙතම හැරෙන්නෙමි.” (සාක්‍ෂි : නාසඊ 887, මුස්ලිම් : 1290)

(සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික තබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක යන දුආව ඇතැමුන් පාරායනය කරති. නමුත් මෙම දුආව නබි (සල්) තුමාණන් පාරායනසය කළ බවට කිසිඳු සහීහ් වූ හදීසයක් නොමැත.)

ෆාතිහා සූරාව පාරායනය කිරීම

ඉහත සඳහන් දුආවුල් ඉස්තිෆ්තාහ් දෙකෙන් එකක් පාරායනය කිරීමෙන් පසු සූරතුල් ෆාතිහා නැමැති පාරිශුද්ධ කුර්ආනයේ පළමු පරිච්ඡේදය පාරායනය කළ යුතුයි. සූරතුල් ෆාතිහාව පාරායනය නොකරන පුද්ගයාට සලාතය නොමැතැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී : 756, මුස්ලිම් : 651) සූරතුග් ෆාතිහාව පාරායනය කිරීමට පෙර අඌදු බිල්ලාහි මිනෂ්ෂෛතාන් නිර්රජීම් أعوذ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ (එළවන ලද ෂෛතාන්ගේ උවදුරින් ආරක්‍ෂාව පතමි) යන්න පාරායනය කළ යුතු වේ. අල් කුර්ආනය පාරායනය කරන විට ෂෛතාන්ගේ උවදුරින් ආරක්‍ෂාව පතන මෙන් අල්ලාහ් අපට අණ කර ඇත.(අල් කුර්ආන් 16:98) මෙසේ අඌදු පාරායනය කළ යුත්තේ පළමු රකඅතයේ පමණයි.

අඌදු පාරායනය කිරීමෙන් පසු බිස්ම්ල්ලාහ්ර්රහ්මානිර්රහීම් යන්න පාරායනය කළ යුතුයි. මෙය සූරතුල් ෆාතිහාවේම වාක්‍යයක් නිසා සෑම රකඅතයකදීම මෙය පාරායනය කළ යුතු වේ.

සූරතුල් ෆාතිහාව

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِي1.الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ. الرَّحْمـنِ الرَّحِيمِ.3(مَـالِكِ يَوْمِ الدِّينِ.4(إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ.5(اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ.6

صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ.7

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර් රහීම්. මාලිකි යව්මිද්දීන්. ඊයා(ක්)ක න:බුදු වඊයා(ක්)ක නස්තඊන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලසී‘න අන්අම්ත අලෛහිම් ගයිරිල් ම:ලූබි අලෛහිම් වලල්ලාල්ලීන්.

අර්ථය : “අසීමිත කරුණාවන්ත අපරමිත දයාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්… සියළු ප‍්‍රසංශ සකල විශ්වයම (මවා) පාලනය කරන්නා වූ අල්ලාහ්ට ය.(ඔහු) අසීමිත කරුණාවන්තයා ය. අපරමිත දයාවන්තයා ය.(ඔහු) ප‍්‍රතිඵළ දෙන දිනයේ අධිපති ය. (එබැවින්) අපි ඔබවම නමදිමු , ඔබෙන්ම උදව් පතමු. අපට යහමග පෙනවනු මැනව! එය ඔබ කාහට ආශිර්වාද කළේද, ඔවුන්ගේ මාර්ගය යි. ඔවුහු (ඔබගෙන්) කෝපයට භාජනය නොවූ අයයි. තවද මග නොවරදවාගත් අයයි.”

ශබ්ද නගා බිස්මිල්ලාහ් පාරායනය කිරීම

අසර් හා ලූහර් ජමාත් (සමූහ) සලත්වලත් තනියෙන් සලාතය ඉටුකරන විටත් පාරායනය කිරීම් සියල්ල සිදුකරනුයේ නිශ්ශබ්දවයි. ඉෂා, මග්රිබ්, සුබහ්, ජුම්ආ ඊද් වැනි සලාත්  ජමාත් (සමූහ) වශයෙන් ඉටුකරන විට පළමු රකඅත් දෙකේ දී සූරතුල් ෆාතිහාව සහ අනික් සූරාව ඉමාම් විසින් ශබ්ද නගා පාරායනය කළ යුතුයි. මෙසේ පාරායනය කරන අවස්ථාවේදී බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම් යන්න ඇතැම් දේවස්ථාන වල ශබ්ද නගා පාරායනය කරනු ලබන අතර තවත් දේවස්ථාන වල නිශ්ශබ්දව පාරායනය කිරීම ද දැකිය හැකිය. මේ සම්බන්ධ හදීස් පරිශීලනය කිරීමේදී, මේ දෙආකාරයටම සාක්‍ෂි හදීස්වල දැකිය හැකිය. බොහෝ අවස්ථාවල නබි (සල්) තුමාණෝ නිශශබ්දව බිස්මිල් පාරායනය කර ඇති( සාක්‍ෂි : බුහාරී 743, මුස්ලිම් : 669) අතර ඇතැම් අවස්ථාවල ශබ්ද නගා පාරායනය කිරීමටද සාක්‍ෂි(හාකිම් 1/357)හදීස් වල දැකිය හැක. එබැවින් මේ ආකාර දෙකෙන් කුමන ආකාරය පිළිපැද්දත් එහි වරදක් නොමැත.

ම:මූම්වරු සූරතුල් ෆාතිහා පාරායනය කළ යුතුද?

ජමාත්(සමූහ) සලාතයේ දී ඉමාම් (සලාතය මෙහෙයවන්නා) ශබ්ද නගා පාරායනය කරන විට ම:මූම්වරු(ඉමාම්ව පිළිපදිමින් සලාතය ඉටුකරන අය) ඉමාම්ට සවන් දිය යුතු අතර කිසිවක් පාරායනය නොකළ යුතුය. අල්කුර්ආනය පාරායනය කරනු ලබන විට නිශ්ශබ්දව එයට සවන් දෙන මෙන් අල්ලාහ් අණ කරන සේක.(අල් – කුර්ආන් 7:204). ඉමාම් පාරායනය කරන විට ඔබලා (කිසිවක් පාරායනය නොකර) නිශ්ශබ්දව සිටින්නැයි නබි (සල්)තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : මුස්ලිම් 680). ඉමාම් ශබ්ද නගා පාරායනය නොකරන රකඅත්වල ම:මූම්වරුද ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ යුතුය.

ආමීන් කීම

සූරතුල් ෆාතිහාව පාරායනය කර අවසන් වූ විට “ආමීන්” යැයි කිව යුතුයි. ඉමාම් ශබ්ද නගා පාරායනය කරන සලාත්වල සූරතුල් ෆාතිහාව අවසන් වූ විට ඉමාම්ද ම:මූම්වරුද ආමින් කිව යුතුය.”ඉමාම් ගයිරිල් ම:ලූබ් අලෛහිම් වලල්ලාල්ලීන් යැයි පවසන විට ඔබලා ආමීන් යැයි කියන්න. කවර පුද්ගලයාගේ ආමීනය මලාඉකාවරුන්ගේ අමීනයත් සමග සමාන වන්නේද ඔහුගේ පෙර පාප ක්‍ෂමා කරනු ලැබේ” යනුවෙන් නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(බුහාරී : 782) ආමීන් කියන විට ශබ්ද නොනගා සෙමින් කීමටත්, ශබ්ද නගා කීමටත් අවසර ඇත. නමුත් නබි (සල්) තුමාණන්ගේ සඟයන් වන සහාභාවරු ආමීන් කියා ඇත්තේ ශබ්ද නගාය.(සාක්‍ෂි : බයිහකී)

කුර්ආනයේ (වෙනත්) සූරා පාරායනය කිරීම

ෆාතිහා සූරාව පාරායනය කිරීමෙන් අනතුරුව පාරිශුද්ධ කුර්ආනයෙන් අපි දන්නා තවත් සූරාවක් (පරිච්ඡේදයක්) හෝ ආයත් (වක්‍යයන්) පාරායනය කළ යුතු වේ. නබි (සල්)තුමාණන් පළමු හා දෙවන රකඅත්වල සෑම විටම සූරතුල් ෆාතිහාවට පසු තවත් සූරාවක් පාරායනය කර ඇත. නමුත් තුන් වන හා හතර වන රකඅත් වල සමහර අවස්ථාවලදී ෆාතිහාවට පසු තවත් සූරාවක් පාරායනය කර ඇති අතර තවත් සමහර අවස්ථාවල ෆාතිහා සූරාව පමණක් පාරායනය කර ඇත.

මෙසේ ෆාතිහා සූරතයට පසු තවත් සූරාවක් පාරායනය කරන විට, සම්පූර්ණ  සූරතයක්(පරිචි‍ෙඡ්දයක්) වුවද පාරායනය කළ හැකිය.එකම රකඅතයේ දී සූරත් කිහිපක් වුවද පාරායනය කළ හැකිය. රකඅත් දෙකෙහිම එකම සූරතය (පරිච්‍ඡේදය) කොටස් වශයෙන් වුවද පාරායනය කළ හැකිය. එකම පරිච්ඡේදය රකඅත් දෙකෙහිම වුවද පාරායනය කළ හැකිය. වාක්‍යයන් ටිකක් වුවද පාරායනය කළ හැකිය. නමුත් පළමු රකඅතයේ දී දෙවන රකඅතයට වඩා වැඩියෙන් පාරායනය කළ යුතු වේ.

සූරතුල් ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ පසු අල්ලාහු අක්බර් කියා පවසමින් අත් දෙකම කන් දෙකහි පහළ කොටස දක්වා හෝ උරහිස දක්වා උස්සා රුකූඋ කළ යුතු වේ. නැමී අත් දෙකෙන් දනහිසහ අල්ලා ගැනීම රුකූඋ කිරීම වේ. රුකූඋ කරන විට අත් දෙක ඉන ප‍්‍රදේශයේ නොගෑවෙන ආකාරයට කෙළින් තබා ගත යුතුයි. කොන්ද හා හිස සමානව තබාගත යුතුයි. හිස උස් කර තබාගැනීම හෝ පහත් කර තැබීම නොකළ යුතුයි.(රුකූ කරන ආකාරය විග‍්‍රහ කරන හදීස් වල අංක : බුහාරී 735, මුසලිම් 642,857, තිර්මිදී 241,245 අබූදාවූද් 628,729 නාසඊ 1017, ඉබ්නු මාජා 860, දාරමී 1293, අහ්මද් 11106)

රුකූඋ වල උසුරිය යුතු දුආ

රුකූවල උසුරිය යුතු දුආ රැසක්ම ඇත. ඒවා එකිනෙක පහත සඳහන් කර ඇත. ඒවා සියල්ල හෝ එකක් හෝ ඔබ කැමැති ගනනක් උසුරීම කළ හැකිය.

1.سُبَحَانَ رَبِّي الْغَظِيْم سُبَحَانَ رَبِّي الْغَظِيْم سُبَحَانَ رَبِّي الْغَظِيْمِ

සුබ්හාන රබ්බියල් අලීම් කියා තෙවතාවක් කිව යුතුයි

අර්ථය : ඉමහත් වූ මාගේ දෙවිදුන් පාරිශුද්ධවන්තයා ය.(සාක්‍ෂි : නාසඊ 1121)

2. اَللَّهُمَّ لَكَ رَكَعْتُ وَبِكَ آمَنْتُ وَلَكَ أَسْلَمْتُ خَشَعَ لَكَ سَمْعِيْ وَبَصَرِيْ وَمُخِّيْ وَعَظْمِيْ وَعَصَبِيْ

අල්ලාහුම්ම ලක රක:තු වබික ආමන්තු වලක අස්ලම්තු හෂඅ ලක සම්ඊ වබසරී වමුහ්හී වඅලමී වඅසබී

අර්ථය : දෙවියනී! ඔබ වෙනුවෙන් මම රුකූඋ කළෙමි. ඔබව විශ්වාස කළෙමි. ඔබට අවනත වුණෙමි. මාගේ ඇසීම හා පෙනීමද මාගේ ශරීරයේ ඇටකටුද මාගේ නහරද ඔබට යටත් විය.(සාක්‍ෂි : මුස්ලිම් 1290)

3. سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْلِيْ

සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දිකල්ලාහුම්මග්ෆිර්ලී

අර්ථය : දෙවියනී! අපගේ අධිපතියාණෙනී! ඔබ පාරිශුද්ධවන්තයා ය. ඔබට ප‍්‍රසංශා කරමි. දෙවියනී! මට සමාව දෙනු මැනව!(සාක්‍ෂි : 794,817,4293,4698,4697)

4. سُبُّوْحٌ قُدُّوْسٌ رَبُّ الْمَلَائِكَةِ وَالرَُّوْحِ

සුබ්බූහුන් කුද්දූසුන් රබ්බුල් මලායිකති වර්රූහ්

අර්ථය : ජිබ්රීල්ගේ හා (අනිකුත්)  මලායිකාවරුන්ගේ දෙවි පාරිශුද්ධවන්තයා ය, සුවිශුද්ධවන්තයා ය.(සාක්‍ෂි : මුස්ලිම් 840)

රුකූඋවල දුආවන් උසුරිය යුත්තේ තුන්වතාවක් පමණක් බවට කිසිඳු රීතියක් නොමැත. තම අභිමතය පරිදි වතාවන් කීයක් වුවද උසුරිය හැකිය. නබි (සල්) තුමාණෝ සමහර දුආවන් රුකූවල වැඩි වාර ගනනක් උසුරන බව හදීස් වල සඳහන් වේ.(බුහාරී 817, මුස්ලිම් 834). රුකූඋවල කුර්ආන් වාක්‍ය පාරායනය කිරීම නබි (සල්) තුමාණන් විසින් තහනම් කර ඇති(මුස්ලිම් : 827) බැවින් එසේ කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

රුකූවලින් නැගිටින විට

රුකූවලින් නැගිටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා – سمع الله لمن حمده ” (අර්ථය : ප‍්‍රසංශා කරන්නාගේ ප‍්‍රසංශාවට අල්ලාහ් සවන් දෙන්නේ ය.) යනුවෙන් පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා උස්සා පහත දැමිය යුතුවේ.(සාක්‍ෂි : බුහාරී 789, 735, මුස්ලිම් 642).

සමිඅල්ලාහු ලිමන් හමිදා කියා ප‍්‍රකාශ කිරීමෙන් පසු පහත සඳහන් දුආවලින් එකක් උසුරිය හැකිය.

1 . رَبَّنَا لَكَ الْحَمْدُ

රබ්බනා ලකල් හම්ද් (බුහාරී : 789)

2. رَبَّنَا وَلَكَ الْحَمْدُ

රබ්බනා වලකල් හම්ද් (බුහාරී : 732)

3. اَللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ

අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්ද් (බුහාරී : 796)

4. اَللَّهُمَّ رَبَّنَا وَلَكَ الْحَمْدُ

අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්ද් (බුහාරී : 7346)

(ඉහත සඳහන් දුආවල අර්ථය : අපගේ දෙවියනී ! සියළු ප‍්‍රසංශා ඔබටම හිමිය.)

اَللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْأَ السَّمَاوَاتِ وَمِلأَ الْأَرْضِ مَا بَيْنَهُمَا وَمِلْأَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ

අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්දු මිල්අස්සමාවාති වමිල් අල් අර්ලි වමිල් අමා බයිනහුමා වමිල් අමා ෂි:ත මින් ෂයිඉන් බ:ද්

දෙවියනී! අපේ අධිපතියාණෙනී! අහස් හා පොළොව ඒ දෙක අතර ඇති දේවල් ද තවද ඔබ කුමක් සිතන්නෙහිද එය පරිපූර්ණ වන තරමට ප‍්‍රසංශ සියල්ල ඔබට හිමිය.

ඉමාම් සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසන විට ම:මූම්වරු(ඉමාම්ව පිළිපදිමින් සලාතය ඉටුකරන අය) එසේ සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි කීමට අවශ්‍ය නැත. ඉහත සඳහන් දුආවලින් එකක් උසුරීම ප‍්‍රමාණවත් වේ. “ඉමාම් ‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ යන්වෙන් පවසන විට ඔබලා රබ්බනා ලකල් හම්ද් යැයි කියන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : බුහාරී 722)

සුජූද් කිරීම

රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : නාසඊ 1076). අත් දෙක බිම තැබීමෙන් පසු දනහිස් දෙක ද පොළොවේ තැබිය යුතුයි.

සජදා කරන විට පොළොවේ ගෑවිය යුතු අවයවයන් :-

  • සජදා කරන විට නළල නාසය හා අල්ල දෙක, දනහිස් දෙක, පාද දෙකේ ඇඟිලි තුඩු යන අවයවයන් බිම ගෑවෙන ආකාරයට තැබිය යුතුය.
  • පාදවල ඇඟිලි නමා කිබ්ලාව දෙසට හරවා තබාගත යුතුයි.
  • කකුල් දෙක එක්කොට තබාගත යුතුයි.
  • ඇඳුම හෝ කොන්ඩය බිම ගෑවිම නොවැළෙක් විය යුතුයි.
  • අත් දෙක කනට කෙළින් හෝ උරහිසට කෙළින් හෝ තබාගත යුතුයි.
  • අත් දෙක කලවා ප‍්‍රදේශයේ නොගෑවෙන පරිද්දෙන් ද වැළමිට බිම නොගෑවෙන පරිදි උස්කර ද තබාගත යුතුයි.
  • කලවා ප‍්‍රදේශය හා උදරය එක්නොවෙන ආකාරයට තබාගත යුතුයි.

සජදාවෙහි පාරායණය කළ යුතු දුආ…

සජදාවේ සිටින විට අල් කුර්ආන් වැකි පාරායණය නොකළ යුතු අතර පහත සඳහන් දුආවන්ගෙන් තමන් කැමැති එකක් හෝ කිහිපයක් පාරායනය කළ හැකිය.

  1. سُبْحَانَ رَبِّيَ الْأَعْلَى

සුබ්හාන රබ්බියල් අ:ලා (මෙය තෙවරක් පාරායනය කළ යුතුය.) (මුස්නද් අහ්මද් 3334)

  1. اللهُمَّ لَكَ سَجَدْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسْلَمْتُ، سَجَدَ وَجْهِي لِلَّذِي خَلَقَهُ، وَصَوَّرَهُ، وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ، تَبَارَكَ اللهُ أَحْسَنُ الْخَالِقِينَ

අල්ලාහුම්ම ලක සජද්තු වබික ආමන්තු වලක අස්ලම්තු සජද වජ්හිය ලිල්ලදී(z) හලකහූ වසව්වරහු වෂක්ක සම්අහූ වබසරහූ තබාරකල්ලාහු අහ්සනුල් හාලිකීන්                  (සහීහ් මුස්ලිම්  1419)

  1. سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي

සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දිකල්ලාහුම්මග්ෆිර්ලී

(සහීහුල් බුහාරී 794,817,4293,4968,4967)

  1. اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ

අල්ලාහුම්ම අඌදු()  බිරිලාක මින් සහතික් වබිමුආෆාතික මින් උකූබතික්, ව අඌදු() බික මින්ක්, ලා උහ්සී සනාඅන් අලෛක  අන්ත කමා අස්නයිත අලා නෆ්සික්.

(සහීහ් මුස්ලිම් 839)

  1. اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ

අල්ලාහුම්ගෆිර්ලී සන්බී කුල්ලහූ දික්කහූ වජිල්ලහූ ව අව්වලහූ ව ආහිරහූ වඅලානියතහූ වසිර්රහූ

(සහීහ් මුස්ලිම් 833)

ඉහත සඳහන් දුආවන් තමන්ට අභිමත වාර ගනනක් සුජීදයේ සිටින විට පාරායනය කළ හැකි අතර තම අවශ්‍යතාවයන් තම මව්බසින්ම ඉල්ලා සිටීමටද හැකිය. නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

සජදාවෙහි වැඩියෙන්ම ප්‍රාර්ථනා කරන්න. ඔබලාගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමට එය(එම ස්ථානය) ඉතාමත් සුදුසු ය.

දැනුම් දෙන්නා – ඉබ්නු අබ්බාස් (රළි)

ග්‍රන්ථය – මුස්ලිම් (824)

සජදා දෙකක් අතර

ඉහත ප්‍රාර්ථනාවන් සුජූදයේ පාරායනය කිරීමෙන් පසු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසමින් හිස ඔසවා වම් පාදය මත වාඩි වී දකුණු පාදයේ ඇඟිලි කිබ්ලාව දෙසට හරවා අසුන් ගත යුතුවේ. මෙසේ අසුන් ගෙන පහත දුආවලින් එකක් උසුරිය යුතු ය.

  1. رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي

රබ්බිග්ෆිර්ලී, රබ්බිග්ෆිර්ලී

(සුනන් නසාඊ – 1133)

  1. رَبِّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاجْبُرْنِي، وَارْزُقْنِي، وَارْفَعْنِي

රබ්බිග්ෆිර්ලී, වරහම්නී, වජ්බුර්නී, වර්සු()ක්නී, වරෆග්අ:නී

(සුනන් ඉබ්නු මාජා – 888 – ෂාමිලා -898)

ඉහත දුආවලින් එකක් හෝ දෙකම පාරායනය කිරීමෙන් පසු පළමු සජදාව කළ ආකාරයටම දෙවන සජදාවත් කළ යුතුයි. දෙවන සජදාවත් සමග රකඅත් එකක් සම්පූර්ණ වේ. දැන් දෙවන රකඅතය සඳහා නැගිටිය යුතු වේ.

සජදා කර නැගිටින විට සජදා දෙක අතර වාඩි වූ ආකාරයට, වාඩි වී අත් දෙක පොළවේ තබා නැගිට කෙළින් සිටගත යුතු ය.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ، قَالَ: أَخْبَرَنَا هُشَيْمٌ، قَالَ: أَخْبَرَنَا خَالِدٌ الحَذَّاءُ، عَنْ أَبِي قِلاَبَةَ، قَالَ: أَخْبَرَنَا مَالِكُ بْنُ الحُوَيْرِثِ اللَّيْثِيُّ، أَنَّهُ «رَأَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي، فَإِذَا كَانَ فِي وِتْرٍ مِنْ صَلاَتِهِ لَمْ يَنْهَضْ حَتَّى يَسْتَوِيَ قَاعِدًا»

නබි (සල්) තුමාණෝ ඔත්තේ රකඅත් ඉටුකර නැගිටින විට අසුන් නොගෙන නැගිට සිට ගන්නේ නැත.

( සහීහුල් බුහාරී 823)

දෙවන රකඅතය

දෙවන රකඅතය ද පළමු රකඅතය ඉටුකළ ආකාරයටම ඉටුකළ යුතු නමුත් පළමු රකඅතයේදී සලාතය ආරම්භ කිරීමත් සමග පාරායනය කළ දුආඋල් ඉස්තිෆ්තාහ් නම් දුආව පාරායනය ‍කරන්නේ නැත.

– (599) قَالَ مُسْلِمٌ: وَحُدِّثْتُ عَنْ يَحْيَى بْنِ حَسَّانَ، وَيُونُسَ الْمُؤَدِّبِ، وَغَيْرِهِمَا، قَالُوا: حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ، قَالَ: حَدَّثَنِي عُمَارَةُ بْنُ الْقَعْقَاعِ، حَدَّثَنَا أَبُو زُرْعَةَ، قَالَ: سَمِعْتُ أَبَا هُرَيْرَةَ، يَقُولُ: «كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَهَضَ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ اسْتَفْتَحَ الْقِرَاءَةَ بِـ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَلَمْ يَسْكُتْ»

“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයට නැගිට්ට විට අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් යැයි පාරායනය කිරීම ආර්ම්භ කරන්නොය. නිශ්ශබ්දව සිටින්නේ නැත.”

(සහීහ් මුස්ලිම් 1050)

දෙවන රකඅතයේ ද පළමු රකඅතය මෙන් ෆාතිහා සූරාව පාරායනය කර පසුව තවත් සූරාවක් හෝ සූරාවෙන් කොටසක් පාරායනය කළ යුතුය.

– حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ، قَالَ: حَدَّثَنَا هَمَّامٌ، عَنْ يَحْيَى، عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي قَتَادَةَ، عَنْ أَبِيهِ: «أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي الظُّهْرِ فِي الأُولَيَيْنِ بِأُمِّ الكِتَابِ، وَسُورَتَيْنِ، وَفِي الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِأُمِّ الكِتَابِ وَيُسْمِعُنَا الآيَةَ، وَيُطَوِّلُ فِي الرَّكْعَةِ الأُولَى مَا لاَ يُطَوِّلُ فِي الرَّكْعَةِ الثَّانِيَةِ، وَهَكَذَا فِي العَصْرِ وَهَكَذَا فِي الصُّبْحِ»

“නබි (සල්) තුමාණෝ ලුහර් සලාතයේ පළමු රකඅත් දෙකෙහි උම්මුල් කිතාබය (එනම් ෆාතිහා සූරාව) හා තවත් සූරත් දෙකක් පාරායනය කරන්නෝ ය. අනිත් රකඅත් දෙකෙහි උම්මුල් කිතාබය(ෆාතිහා සූරාව) පාරායනය කරන්නෝ ය. (සමහර වාක්‍ය) අපට ඇසෙන ආකාරයට පාරායනය කරන්නෝය. පළමු රකඅතයේ දෙවන රකඅතයට වඩා දීර්ඝව පාරායනය කරන්නෝ ය. අසර් සලාතයේ දිත් සුබහ් සලාතයේදීත් මෙලෙසම කරන්නෝ ය.

( සහීහුල් බුහාරී – 776, සහීහ් මුස්ලිම් – 772)

සිටගෙන කරන පාරායනය කිරීම් අවසන් කළ පසු පළමු රකඅතයේ ඉටු කළ ආකාරයටම රුකූඋ හා සුජූද් ඉටුකළ යුතු ය. දෙවන සුජූදය ඉටුකිරීමෙන් පසු පළමු ඉඳුමට වාඩි විය යුතු වේ.

ඉඳුමහි අසුන් ගන්නා ආකාරය

සලාතය අවසන් වන ඉඳුම නම් එම ඉඳුම එක් ක්‍රමයකටත් එම ඉඳුමෙන් පසු සලාතය අවසන් නොවී තවත් රකඅත් ඉටුකළ යුතු නම් තවත් ක්‍රමයකටත් ඉඳුමෙහි අසුන් ගත යුතු වේ.

රකඅත් තුනක් හෝ හතරක් ඉටුකළ යුතු සලාතයකදී දෙවන රකඅතයේ ඉටුකරන පළමු ඉඳුමෙහි වම් පාදය මත වාඩි වී, දකුණු පාදයේ ඇඟිගි ක:බා දිශාවට හරවා නමා පාදය සිටවා තබාගත යුතුය.

සලාතයේ අවසාන ඉඳුමේ දී දකුණු පාදයේ ඇඟිලි ක:බා දිශාවට හරවා ඇඟිලි නමා වම් පාදය දකුණු පාදයට යටින් සිටින සේ තබා දකුණු පාදය සිටවා තබා ගත යුතු වේ.

فَإِذَا جَلَسَ فِي الرَّكْعَتَيْنِ جَلَسَ عَلَى رِجْلِهِ اليُسْرَى، وَنَصَبَ اليُمْنَى، وَإِذَا جَلَسَ فِي الرَّكْعَةِ الآخِرَةِ قَدَّمَ رِجْلَهُ اليُسْرَى، وَنَصَبَ الأُخْرَى وَقَعَدَ عَلَى مَقْعَدَتِهِ»

“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයේ වාඩි වන විට වම් පාදය මත වාඩි වී දකුණු පාදය සිටවා තබා ගත්තොය. අවසාන රකඅතයේ වාඩි වන විට වම් පාදය පිටට ගෙන අනික් පාදය(එනම් දකුණු පාදය) සිටවා තබා ඉඳගන්නා තැන බිමට වඳින ආකාරයට වාඩි වූහ.”

(සහීහුල් බුහාරී – 828)

ඉඳුමෙහි සිටින විට වමත වම් කලව මත හා වම් දණහිස මතත් දකුණත දකුණු කලව මත හා දකුණු දනහිස මත තබා ගත යුතුය. දකුණතේ දඹර ඇඟිල්ල හැර අනික් සියළු ඇඟිලි හකුලා ගත යුතුවේ. දකුණතේ දඹර ඇඟිල්ල දික් කර එමගින් යමෙකුව කැඳවන්නාක් මෙන් තබාගත යුතු ය.

18858 – حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ، أَخْبَرَنَا سُفْيَانُ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ، عَنْ أَبِيهِ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ قَالَ: ” رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَبَّرَ فَرَفَعَ يَدَيْهِ حِينَ كَبَّرَ، يَعْنِي اسْتَفْتَحَ الصَّلَاةَ، وَرَفَعَ يَدَيْهِ حِينَ كَبَّرَ، وَرَفَعَ يَدَيْهِ حِينَ رَكَعَ، وَرَفَعَ يَدَيْهِ حِينَ قَالَ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، وَسَجَدَ فَوَضَعَ يَدَيْهِ حَذْوَ أُذُنَيْهِ، ثُمَّ جَلَسَ فَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى، ثُمَّ وَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى رُكْبَتِهِ الْيُسْرَى، وَوَضَعَ ذِرَاعَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى، ثُمَّ أَشَارَ بِسَبَّابَتِهِ، وَوَضَعَ الْإِبْهَامَ عَلَى الْوُسْطَى، وَقَبَضَ سَائِرَ أَصَابِعِهِ، ثُمَّ سَجَدَ، فَكَانَتْ يَدَاهُ حِذَاءَ أُذُنَيْهِ “

…පසුව(නබි සල් තුමාණෝ)  තම වම් දනහිස මත වමත තබා තම දකුණු කලව මත දකුණත තබා වම් පාදය මත අසුන් ගෙන දඹර ඇඟිල්ල (යමෙකුව කැඳවනවාක් මෙන්) දික් කළහ.(වළල්ලක් ආකාරයට) මැද ඇඟිල්ල මාපට ඇඟිල්ල මත තබා අනිකුත් ඇඟිලි හකුලා ගත්හ.

(මුස්නද් අහ්මද් – 18858)

ඉඳුමෙහි පාරායනය කළ යුතු දෑ

  1.  التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

“අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෛක අයියුහන්නබීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ” (සහීහුල් බුහාරී – 1202, සහීහ් මුස්ලිම් 672)

  1.  التَّحِيَّاتُ الْمُبَارَكَاتُ، الصَّلَوَاتُ الطَّيِّبَاتُ لِلَّهِ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ»

“අත්තහියාතුල් මුබාරකාතුස් සලවාතුත් තයියිබාතු ලිල්ලාහි, අස්සලාමු අලෛක අයියුහන් නබියීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්.” (සහීහ් මුස්ලිම් 677)

ඉහත සඳහන් අත්තහියාත් දුආ දෙකෙන් එකක් පාරායනය කළ යුතු ය. අත්තහියාත් පාරායනය කිරීමෙන් පසු නබි (සල්) තුමාණන් කෙරෙහි සලවාත් කිව යුතුය. සහීහ් වූ හදීස් වල සඳහන් සලවාත් හතරක් පහත සඳහන් කර ඇති අතර ඒවායින් කුමක් හෝ එකක් පාරායනය කිරීම ප්‍රමාණවත් වේ.

  1.  اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ “

“ අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”

(සහීහුල් බුහාරී 3370)

  1.  اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ “

“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව අස්(z)වාජිහී ව සු(z)ර්රීයතිහී කමා සල්ලෛත අලා ආලි ඉබ්රාහීම්, ව බාරික් අලා මුහම්මදින් ව අස්(z)වාජිහී ව සු(z)ර්රීයතිහී කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.” (සහීහුල් බුහාරී – 3369)

  1. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ “

“ අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්.” (සහීහුල් බුහාරී – 4797)

  1. للَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَرَسُولِكَ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ “

“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් අබ්දික වරසූලික කමා සල්ලෛත අලා ආලි ඉබ්රාහීම්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම්.” (සහීහුල් බුහාරී – 4798,6358)

තෙවන හා සතර වන රකඅත්

මැද ඉඳුමෙන් පසු දෙවන රකඅතයෙන් තුන්වන රකඅතය සඳහා නැගිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා ඔසවා පසුව පපුව මත තබාගත යුතුය.

739- حَدَّثَنَا عَيَّاشٌ، قَالَ: حَدَّثَنَا عَبْدُ الأَعْلَى، قَالَ: حَدَّثَنَا عُبَيْدُ اللَّهِ، عَنْ نَافِعٍ، أَنَّ ابْنَ عُمَرَ، كَانَ ” إِذَا دَخَلَ فِي الصَّلاَةِ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ، وَإِذَا رَكَعَ رَفَعَ يَدَيْهِ، وَإِذَا قَالَ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، رَفَعَ يَدَيْهِ، وَإِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ رَفَعَ يَدَيْهِ “، وَرَفَعَ ذَلِكَ ابْنُ عُمَرَ إِلَى نَبِيِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَوَاهُ حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ أَيُّوبَ، عَنْ نَافِعٍ، عَنْ ابْنِ عُمَرَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَرَوَاهُ ابْنُ طَهْمَانَ، عَنْ أَيُّوبَ، وَمُوسَى بْنِ عُقْبَةَ مُخْتَصَرًا

“ඉබ්නු උමර් (රළි) තුමා සලාතය පටන්ගන්නා විට අල්ලාහු අක්බර් යැයි පවසා තම අත් දෙක (උරහිස දක්වා) ඔසවන්නේ ය. රුකූඋ වලට යට විට ද අත් දෙක ඔසවන්නේ ය.  සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසන විටත් තම අත් දෙක ඔසවන්නේ ය. දෙවන රකඅතයෙන් නැගිටින විටත් තම අත් දෙක ඔසවන්නේ ය. මෙසේ නබි (සල්) තුමාණෝ කළ බව (ඉබ්නු උමර් රළි තුමා) ප්‍රකාශ කළේය.

බුහාරී – 739

තුන් වන හා සතර වන රකඅත් වල සූරතුල් ෆාතිහාව පමනක් පාරායනය කිරීම ප්‍රමාණවත් වන නමුත් තම අභිමත පරිදි තවත් සූරාවක් හෝ සූරාවෙන් කොටසක් පාරායනය කිරීමට ද පුඵවන. තුන්වන රකඅතය අවසන් කර සතර වන රකඅතයට නැගිටින විට දෙවන රකඅතයෙන් නැගිටින විට අත් දෙක උරහිස දක්වා එසවූවාක් මෙන් අත් නො ඔසවා පපුව මත තබාගත යුතුය යන්නට ඉහත බුහාරි 739 හදීසයම සාක්ෂය වේ. තුන් වන හා සතර වන රකඅත් වලදී ද රකුඋ සුජූද් පළමු හා දෙවන රකඅත් වල ඉටුකර ආකාරයටම ඉටුකළ යුතුය.

සතර වන රකඅතයේ සජදා දෙක ඉටුකිරීමෙන් පසු අවසාන ඉඳුමට වාඩි විය යුතුය.( අවසාන ඉඳුමෙහි අසුන් ගත යුතු ආකාරය ඉහත මැද ඉදුමට අසුන් ගන්නා ආකාරය විග්‍රහ කරන විට බුහාර 828 වන හදීසය මගින් විස්තර කර ඇත.)

අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ

ඉහත පළමු ඉඳුමෙහි සඳහන් කළ අත්තහියාත්  දෙකෙන් එකක් හා සලවාත් හතරෙන් එකක් පාරායනය කිරීමෙන් පසු පහත සඳහන් දුආ පාරායනය කළ යුතු වේ.

  -1اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَحْيَا، وَفِتْنَةِ المَمَاتِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ المَأْثَمِ وَالمَغْرَمِ “

“අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මින් අසා()බිල් කබ්රි ව අඌදු(z) බික මින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්, ව අඌදු(z) බික මින් ෆිත්නතිල් මමාත්, අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මිනල් ම:සමි වල් මග්රම්.”

ඉහත සඳහන් දුආව හෝ පහත සඳහන් දුආව පාරායනය කළ යුතු ය.

-اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ “

“අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මින් අසා(z)බි ජහන්නම්, වමින් අසා(z)බිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති වමින් ෂර්රි ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්.”

 -2اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا، وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ، وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الغَفُورُ الرَّحِيمُ “

“ අල්ලාහුම්ම ඉන්නී ලලම්තු නෆසී ලුල්මන් කසීරා, වලා යග්ෆිරුස්(z) සු(z)නූබ ඉල්ලා අන්ත, ෆග්ෆිර්ලී මග්ෆිරතන් මින් ඉන්දික වර්හම්නී ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්”

 -3«اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، وَمَا أَسْرَفْتُ وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، لَا إِلَهَ إِلَّا أَنْتَ»

“අල්ලාහුම්මග්ෆිර්ලී මා කද්දදම්තු වමා අහ්හර්තු වමා අස්රර්තු වමා අ:ලන්තු වමා අස්රෆ්තු වමා අන්ත අ:ලමු බිහී මින්නී අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත”

ඉහත දුආවන් පාරායනය කිරීමෙන් පසු දකුණු හා වම් පසට හිස හරවා

السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ

 “අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහ්” යැයි ප්‍රකාශ කිරීමත් සමග සලාතය අවසන් වේ.

 295– حَدَّثَنَا بُنْدَارٌ قَالَ: حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ قَالَ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ أَبِي إِسْحَاقَ، عَنْ أَبِي الأَحْوَصِ، عَنْ عَبْدِ اللَّهِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ ” كَانَ يُسَلِّمُ عَنْ يَمِينِهِ، وَعَنْ يَسَارِهِ: السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ، السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ

“නබි (සල්) තුමාණෝ තම වම්පසට හා දකුණුපසට හැරී  අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහ්, අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහ් කියා සලාම් කියන්නෝ ය.

දැනුම් දෙන්නා – අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළි)

ග්‍රන්ථය – තිර්මිදී 295(මක්තබතුෂ් ෂාමිලා මෘදුකාංගයට අනුව) අබූ දාවූද් – 845, ඉබ්නු මාජා – 904, අහ්මද් – 3516.

සලාතය ඉටු කළ යුතු ආකාරය පියවරින් පියවර ඉහත විස්තර කර ඇත්තෙමු. පිරිමීන් හා කාන්තාවන් සලාතය ඉටුකළ යුත්තේ එකම ආකාරයටයි. සලාතයේදී හදිස්සි නොවී සන්සුන්ව ඉටුකළ යුතුය.(සාක්ෂ බුහාරී බුහාරී – 757 – මෙම හදීසය දීර්ඝ හදීසයක් නිසා මෙහි අංකය පමණක් සඳහන් කර ඇත්තෙමු

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

اللَّهُ أَكْبَرُ

“අල්ලාහු අක්බර්”

842 – حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو،قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي ابْنِ عَبَّاسٍ، قَالَ عَلِيٌّ: وَاسْمُهُ نَافِذٌ

නබි (සල්) තුමාණන්ගේ සලාතය අවසන් වූ බව මම දැනගන්නේ තක්බීරය මගිනි යැයි ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කළේය.”

 ග්‍රන්ථය – බුහාරී (842) මුස්ලිම් – (1022)

أَسْتَغْفِرُ اللهَ

“අස්තග්ෆිරුල්ලාහ්”

මෙසේ තෙවරක් පැවසිය යුතුයග පසුව පහත දුආව පාරායනය කළ යුතු ය.

اللهُمَّ أَنْتَ السَّلَامُ وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ ذَا الْجَلَالِ وَالْإِكْرَامِ

“අල්ලාහුම්ම අන්තස් සලාම්, වමින්කස්සලාම්, තබාරක්ත යා ස(z)ල් ජලාලි වල් ඉක්රාම්

ග්‍රන්ථය මුස්ලිම් (1037)

لاَ إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ، وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلاَ يَنْفَعُ ذَا الجَدِّ مِنْكَ الجَدُّ

“ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අ:තයිත, වලා මු:තිය ලිමා මන:ත වලා යන්ෆවු ස(z)ල් ජද්දි මින්කල් ජද්”

ග්‍රන්ථය – බුහාරී (844), මුස්ලිම් (1039)

«لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، لَا إِلَهَ إِلَّا اللهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ، وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لَا إِلَهَ إِلَّا اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ»

“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්, ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා න:බුදු ඉල්ලා ඊයාහු, ලහුන් නි:මතු වලහුල් පල්ලු වලහුස් සනාඋල් හසන්, ලාඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද් දීන වලවු කරිහල් කාෆිරූන්”

ග්‍රන්ථය – මුස්ලිම් – (1041)

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الجُبْنِ، وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ العُمُرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ»

“අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මිනල් ජුබුන්, ව අඌදු(z)බික අන් උරද්ද ඉලා අර්ද()ලිල් උමර්, ව අඌදු(z)බික මින් ෆිත්නතිද් දුන්යා ව අඌදු(z) බික මින් අදා(z)බිල් කබ්ර්”

ග්‍රන්ථය – බුහාරී (2822)

اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ “

“අල්ලාහුම්ම අඉන්නී අලා සි(z)ක්රික වෂුක්රික ව හුස්නි ඉබාදතික්”

ග්‍රන්ථය – අබූදාවූද් (1522 – මක්තබතුෂ් ෂාමිලාට අනුව)

وَسُبْحَانَ اللهِ،

“සුබ්හානල්ලාහ්” 33 වරක්

 وَالْحَمْدُ لِلَّهِ

“අල්හම්දුලිල්ලාහ්” 33 වරක්

، اللهُ أَكْبَرُ

“අල්ලාහු අක්බර්” 33 වරක්

පහත දි(Z)ක්රය පවසා සියය සම්පූර්ණ කළ යුතු ය.

لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

“ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්”

ග්‍රන්ථය – මුස්ලිම් (1041)

Comments are closed